Tuesday, May 03, 2011

සොදුරු ආදරේ
සඳුද අවදියෙන් තරුද අවදියෙන්,
මේ නිශාන්තයේ..
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි,
තනිවුන වසන්තයේ..

සීතල ඇතිරුනි මිහිරිය ළය මත,
කොඳ කෙමි පිපුරුනි මධු පුරවා..
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක,
ඔබ ළඟ නැතිවම අද මා තනිවම..

පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුල,
නිදිමත අඩ නෙතුපිය සනහා..
මගේම කඳුලක් වී පිණි බිඳු ලෙස,
ඔබ කවුළුව ළඟ පිපි මල් පෙති මත..

0 comments:

Post a Comment